රත්නපුර දිසා බාලදක්ෂ ශාඛා සංගමයට වසර 105 ක් සම්පුර්ණ වීම නිමිත්තෙන් පත්වනු ලබන දිස්ත්‍රික් බාලදක්ෂ රැළි පෙරහුරු කදවුරක් පසුගිය දා (18) සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
මෙම පුහුණු කඳවුර ඔක්තොම්බර් මස 17 සිට 20 දක්වා කුරුවිට මධ්‍ය විද්‍යාලීය ක්‍රීඩාපිටියේ දී පැවැත්වුණි.
මේ සඳහා රත්නපුර, නිවිතිගල, බලංගොඩ,ඇඹිලිපිටිය යන කලාප ආවරණය කරමින් දරුවන් 1200ක පමණ කණ්ඩායමක් සහභාගී විය.
මෙහිදී එළි මහන් කඳවුරු වලට අමතරව විශේෂ ක්‍රියාකාරකම් මෙන්ම, ජොටා ජොටි ගුවන් බාලදක්‍ෂ ජම්බෝරිය, පෝතක රන්දහර, සිඟිති දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක වුණි.
මෙම අවස්ථාවට රත්නපුර දිසා බාලදක්ෂ කොමසාරිස් මෙරිල් දිසානායක, සහය දිසා කොමසාරිස් (පරිපාලන ) කුමාරි තිලකරත්න, සහය දිසා කොමසාරිස් (වැඩසටහන්) චතුර සාගර, සහය දිසා කොමසාරිස් (බාළිකා ) වසන්තා හේමකුමාරී, දිසා බාලදක්ෂ ආචාර්ය ටිරෝෂා සෙනෙවිරත්න, විධායක කමිටුවේ සභාපති එම්.කේ.සිරිවර්ධන යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



