මෙවර පැවැති 3 වන යොවුන් ආසියානු ක්‍රීඩා උළෙල හා 4 වන දකුණු ආසියානු මළල ක්‍රීඩා උළෙල ජයග්‍රහණය කල සබරගමුවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම පසුගිය දා (13) සබරගමුව පළාත් ආණඩුකාර චම්පා ජානකි රාජරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් රත්නපුර පිහිටි ප්‍රධාන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී සිදුවිය.
එදින (13) 4 වන දකුණු ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේ,
මීටර් 100 රන් පදක්කම හා 100*4 රන් පදක්කම දිනූ වයි.සී.එම්.යෝධසිංහ,
හෙල්ල විසිකිරීම රන්පදක්කම දිනූ එච්.එල්.එන්.ඩී.ලේකම්ගේ,
100*4 රන් පදක්කම දිනූ ආර්.එම්.ආර්.කේ.රත්නායක,
100*4 රන් පදක්කම දිනූ ඩී.ඩී.එස්.දියලවත්ත,
හෙල්ල විසිකිරීම රිදී පදක්කම දිනූ ආර්.එම්.එස්.ජේ.රණසිංහ,
110 කඩුලු පැනීම රිදී පදක්කම දිනූ ආර්.ආර්.ඩී.රණතුංග,
400 කඩුලු පැනීම රිදී පදක්කම දිනූ එල්.ජී.ඒ.සත්සරණි,
මිටිය විසිකිරීම ලෝකඩ පදක්කම දිනූ කේ.කේ.ඩී.එම්.ධර්මසේන
3 වන යොවුන් ආසියානු ක්‍රීඩා ශූරතාවලියේ,
මිටර් 1500 රන් පදක්කම දිනූ ජී.ඩී.එල්.අචින්ත,
මිශ්‍ර සහාය දිවීම රිදී පදක්කම දිනූ කේ.එච්.සී.එස්.හේවගේ
යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකි රාජරත්න මහත්මියගේ ඇගයුමට ලක්විය.
එමෙන්ම එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරුවන් ද මෙහිදී ඇගයුමට ලක්විය.
ජයග්‍රහණය කල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා සබරගමු පළාත් ආණ්ඩුකාරවරියගේ ඉල්ලීම මත පළාත් සභාව මඟින් රුපියල් එක්ලක්ෂ පනස් දහසක් ද, ක්‍රීඩා පුහුණුකරුවන් සඳහා රුපියල් පනස්දහසක් ද මෙහිදී පිරිනැමීය.
මෙම අවස්ථාවට ප්‍රධාන ලේකම් ඊ.කේ.ඒ.සුනීතා, රත්නපුර දිස්ත්‍රික් ලේකම් කේ.ජී.එස්.නිශාන්ත, පළාත් ක්‍රිඩා අමාත්‍යංශයේ ලේකම් සංජීව ගොඩැල්ලවත්ත, පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ චතුරංගිකා ප්‍රේමරත්න, සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ අනුර වීරසූරිය යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


