ජනතාවගේ අයිතීන් සුරකිමින්, නීතියට අනුකූලව ක්‍රියා කරමින්, සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනැඟීමට කැපවීම වෙනුවෙන් ක්‍රියාත්මක ජාතික සුපිළිපන් සතිය 2026 පිළිබඳව සබරගමුව පළාත් නිලධාරීන් දිවුරුම් දීම අද (27) රත්නපුර පිහිටි පළාත් සභා පරිශ්‍රයේදී සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
ජනාධිපති ලේකම් කාර්යාලය සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය මඟින් මෙය ක්‍රියාත්මක කරනු ලබයි.
මෙය 2026 ජූලි මාස 27 වන දින සිට ජූලි මාස 31 දක්වා පුරවැසි ආචාරධර්මික යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම උදෙසා, සමාජය පුරා පැතිරුණු සුපිළිපන් සංස්කෘතියක් මත පදනම් වූ ‘ක්ලීන් ශ්‍රී ලංකාවක්’ ගොඩනැඟීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට යෝජිතය.
ඒ අනුව අද දින (27) සබරගමුව පළාත් සභාවේ සියලු සේවකයින් සුපිළිපන් දිවුරුම/ප්‍රතිඥාව ලබා දෙන ලදී.
මීට අමතරව ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය, ත්රීවිලර් සහ සෙසු අවකාශ හරහා මෙය ජනගත කිරීමට රජය අපේක්ෂා කරයි.
මෙහිදී සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න, පළාත් ප්‍රධාන ලේකම් උපාලි ජයසේකර යන මහත්ම මහත්මීන් අදහස් දැක්වූහ






