ජාතික සුපිළිපන් සතිය 2026 – සබරගමුව පළාත් දිවුරුම් දීම.
ජනතාවගේ අයිතීන් සුරකිමින්, නීතියට අනුකූලව ක්‍රියා කරමින්, සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනැඟීමට කැපවීම වෙනුවෙන් ක්‍රියාත්මක ජාතික සුපිළිපන් සතිය 2026 පිළිබඳව සබරගමුව පළාත් නිලධාරීන් දිවුරුම් දීම අද (27) රත්නපුර පිහිටි පළාත් සභා පරිශ්‍රයේදී සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු විය. ජනාධිපති ලේකම් කාර්යාලය සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය මඟින් මෙය ක්‍රියාත්මක කරනු ලබයි….
