සබරගමු පළාත් නිදහස් දින සැමරුම අද (04) රත්නපුර මහ නගර සභා ක්‍රීඩා පිටියේ දී සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
මෙම නිදහස් සැමරුම් උළෙළ සංස්කෘතිකාංග වලින් ද විචිත්‍රවත් විය.
මෙම අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය ජනක සේනාරත්න, සුනිල් රාජපක්ෂ, ප්‍රධාන ලේකම් ඊ.කේ.ඒ. සුනීතා, ආණ්ඩුකාර ලේකම් සංජීව ගොඩැල්ලවත්ත, රත්නපුර දිස්ත්‍රික් ලේකම් කේ.ජී.එස්. නිශාන්ත යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


