සබරගමුව පළාත් කර්මාන්ත අමාත්‍යංශයේ ප්‍රගතිය විමසා බැලීම සඳහා විශේෂ සාකච්ඡාවක් පසුගිය දා (24) සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.
මෙහිදී කර්මාන්ත අමාත්‍යංශය යටතේ ඇති පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව, කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව, ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව, ගොමාඩුව පුහුණු මධ්‍යස්ථානය ආදී දෙපාර්තමේන්තු හා ආයතනයන්හි ප්‍රගතිය පිළිබඳව සොයා බැලීම සිදු කෙරිණි.
ඒ අනුව දැනට අමාත්‍යංශය යටතේ සිදුකරන ව්‍යාපෘතීන්හි ප්‍රගතිය පිළිබඳවත්, ගැටළු පිළිබඳවත් සාකච්ඡා කෙරුණු අතර එම ව්‍යාපෘතීන් කඩිනමින් නියමිත ප්‍රමිතීන්ට අනුකූලව නිම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් පළාත් ආණ්ඩුකාරවරිය මෙහිදී නිලධාරීන්ට දැනුම් දෙනු ලැබීය.
මීට අමතරව අමාත්‍යංශයේ නිලධාරීන් මුහුණපාන ගැටළු සහ ඒවාට විසඳුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණි.
මෙම අවස්ථාවට හිටපු පළාත් සභා මන්ත්‍රී පුෂ්පකුමාර දිසානායක, කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීපිකා ඩී. ඉලුක්කුඹුර, පළාත් කර්මාන්ත අධ්‍යක්ෂක බී.එස්.පී.රුවන්සිරි, ග්‍රාම සංවර්ධන අධ්‍යක්ෂක මනෝරි ගුණවර්ධන, පරිවාස කොමසාරිස් චතුරි රත්නායක, සහකාර අධ්‍යක්ෂවරුන් වන නන්දන අමරසේන, දමිත් කුමාර සිසිරනාත් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


