රත්නපුර බහුකාර්ය සහයකයින් 418 කට ස්ථිර පත්වීම් ප්‍රදානය කෙරේ…

රජය මගින් බදවා ගනු ලැබූ බහුකාර්ය සහයකයින් 418 දෙනෙක් වෙත ස්ථිර පත්වීම් ප්‍රදානය කිරීම 2023.09.06 සබරගමුව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර පිහිටි පළාත් සභා ශ්‍රවණාගාරයේ දී සිදු විය.

මෙහිදී අදහස් දැක්වූ සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා පැවසූයේ ඊයේ දිනයේ දී Channel 4 නාලිකාව මගින් ශ්‍රි ලංකාවේ සිදු වූ පාස්කු ප්‍රහාරය පිළිබඳ විකාශය කල වාර්තාමය වැඩසටහන පිළිබදවයි.

වර්ෂ 2020 දී රජය මගින් පුහුණුලාභින් ලෙස බහු කාර්යය සහයකයින් 34,700 ක් බදවා ගනු ලැබීය.

ඉන් සබරගමුව පළාතට 4,679 ක් පුහුණුලාභින් ලෙස පත් කර තිබුණි.

ඒ අනුව සබරගමුව පළාතට බදවා ගනු ලැබූ 1,050 කුගේ පත් වීම් විවිධ හේතුන් නිසා අවලංගු කරනු ලැබීය.

මුල් අදියර යටතේ රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් දෙක සදහා 830 දෙනෙකුට ස්ථීර පත් වීම් ප්‍රදානය කිරිමට කටයුතු කර ඇති අතර, අද දින ස්ථිර පත් වීම් ලැබුයේ එයින් රත්නපුර දිස්ත්‍රික්කයේ 418 දෙනෙකි.

මීට අමතරව සබරගමුව පළාතේ තවත් පුහුණුලාභින් 2,729 දෙනෙකුට කඩිනමින් ස්ථීර පත්වීම් ප්‍රදානය කිරීමට නියමිත ය.

මෙලෙස ස්ථීර පත්වීම් ලැබූ බහුකාර්ය සහයකයින් PL 1 තනතුරේ ස්ථීර කෙරේ.

දිවයිනේ බදවා ගත් 34,700 ක් පමණ වූ බහුකාර්ය සහයක පුහුණුලාභින්ගෙන් දැනට ස්ථීර තනතුරු සදහා පත් කිරිමට සුදුසුකම් ලබා ඇත්තේ 29,000 ක් පමණ සංඛ්‍යාවකි.

මෙම අවස්ථාවට අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන අකිල එල්ලාවල, ප්‍රියන්ති මුදිතා ද සොයිසා, ගාමිණී වලේබොඩ, සබරගමු පළාත් සභා සභාපති කංචන ජයරත්න, පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස්. වීරසූරිය, රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Contact Us

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.