සබරගමුවේ ක්‍රීඩාව නංවන්න යුනිසෙෆ් එක් වෙයි…

යුනිසෙෆ් ආයතනය මගින් සංවිධානය කල සබරගමු පළාතේ දුෂ්කර හා අඩු පහසුකම් ඇති පාසල්වල දරුවන්ගේ ක්‍රීඩා කුසලතා නැංවීමේ වැඩසටහනක් 2023.08.07 දිනදෙහිඕවිට අධ්‍යාපන කලාපයේ අමිතිරිගල පල්ලේකණුගල කනිෂ්ඨ විද්‍යාලයේ දී සබරගමු පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

යුනිසෙෆ් ආයතනයේ දකුණු ආසියානු කලාපීය තානාපති හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සචින් ටෙන්ඩුල්කාර් මහතා විසින් මෙහිදී ළමුන් සදහා ක්‍රිකට් පුහුණු සැසියක් ද පවත්වන ලදී.

එහිදී පාසල් දරුවන් සදහා අවශ්‍ය ක්‍රිකට් උපකරණ බෙදා දීම ද සිදු විය.

මෙහිදී අදහස් දැක්වූ සබරගමු පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවින් දිසානායක මහතා පැවසූයේ පල්ලෙකණුගල කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන් ක්‍රීඩාවෙන් සුවිශේෂී වූ දක්ෂතා පෙන්වා ඇති බවත් එම දරුවන් සදහා දැනට අඩුපාඩුවක්ව පවතින ක්‍රීඩා උපකරණ කඩිනමින් තමා විසින් ලබා දෙන බවත්ය.

පල්ලෙකණුගල කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන් 200 පමණ අධ්‍යාපනය හදාරන අතර ගුරුවරුන් 20ක් පමණ සේවය කරනු ලබයි.

කාන්තා පා පන්දු, කාන්තා රගර් ඇතුළු ක්‍රීඩා රැසකින් සමස්ත ලංකා ජයග්‍රහණ රැසක් මෙම විද්‍යාලය විසින් දිනා ඇත.

මෙම අවස්ථාවට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ උපාලි චන්ද්‍රකුමාර, පළාත් ප්‍රාථමික අධ්‍යාපන අධ්‍යක්ෂ සුමුදු කෝරාලෙගෙදර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Contact Us

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.