රත්නපුර දිස්ත්‍රික් සබරගමු පළාත් 75 වන නිදහස් සැමරුම

එලැබෙන රත්නපුර දිස්ත්‍රික් සබරගමු පළාත් 75 වන නිදහස් සැමරුම, පිරිවැය අවම පැවැත්වීමට කටයුතු කරන ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා අද (16) සඳහන් කලේය.

ඒ මහතා මේ බව සඳහන් කලේ මෙදින රත්නපුර පිහිටි පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවති 75 වන නිදහස් සැමරුම් උත්සවයට අදාල සාකඡචාවට එක්වෙම්ණි.

මෙහිදී අදහස් දැක්වූ සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසූවේ රට මුහුණ දී ඇති අර්බුධ හමුවේ මෙම නිදහස් සැමරුම අවම මූල්‍ය පිරිවැයක් තුල සැමරීමට පියවර ගත යුතු බවයි.

එම සැමරුමට එක්වන පාසල් සිසුන්, රාජ්‍ය නිලධාරීන් හා වෙනත් ආරාධිතයන් සීමා කිරීමටද මෙහිදී තීරණය විය.

මීට පෙර වර්ෂ වල පැවති රත්නපුර දිස්ත්‍රික් සබරගමු පළාත් නිදහස් උත්සව සැමරුම් දහසකට අධික පිරිසක් එක්ව සිටි අතර ඊට රුපියල් ලක්ෂ 23 වඩා මුදල් වැය වූ බව ද මෙහිදී සඳහන් විය.

මෙවර ඊට සහභාගී වන පිරිස 150 වඩා අඩු මට්ටමක පවත්වා ගැනීමටද ඊට යන සමස්ත වියදම රුපියල් 75000 ක සීමාවේ තබා ගැනීමටද එහිදී තීරණය විය.

ශ්‍රී ලංකා පොලීසිය, විශේෂ කාර්යය බලකාය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මෙහිදී ආචාර්ය පෙරපාලී පැවැත්වීමට ද පාසල් තූර්ය වාදන කණ්ඩායම් දෙකක් මීට එක්කිරීමට ද මෙහිදී එකඟත්වයකට පැමිණීනි.

මීට සමගාමීව ඊට සහභාගී වන පාසල් දරුවන් 75 දෙනෙකු සඳහා රෝපන පැල ප්‍රදානය කිරීමටද කටයුතු කෙරේ.

මීට පෙර රත්නපුර දිස්ත්‍රික් පළාත් නිදහස් සැමරුම පැවැත්වුනේ රත්නපුර සීවලී ක්‍රීඩාංගනයේ දීය. එය මෙවර රත්නපුර පරිශ්‍රයේ දී ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ප.ව.7.30ට ආරම්භ කෙරේ. (https://www.newsoftwares.net/)

මෙම නිදහස් දින සැමරුමට සම්භන්ධ වන පාසල් දරු දැරියන් සදහා පමණක් සංග්‍රහ කිරීමටද මෙහිදී තීරණය විය.

නිදහස් සැමරුම වෙනුවෙන් කිරීමට යොජිතව පැවති රුපියල් ලක්ෂ 23 මුදලින් සබරගමු පළාතේ පාසල් දරුදැරියන්ට පොත් පත් හා දිවා ආහාර ලබා දීමට ඇති හැකියාව පිළිබඳව තමා වෙත වාර්තා කරන ලෙසද සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා මෙහිදී පැවසීය.

මෙම 75 වන නිදහස් දිනයට සමගාමීව මහා පිරිත සජ්ජායනය කිරීමටද පසු දින (3) ප්‍රදේශයේ ආගමික ස්ථාන වලදී සර්වාංගික ආගමික කටයුතු සිදු කිරීමටද තීරණය විය.

කෑගල්ල දිස්ත්‍රික් ජාතික නිදහස් උත්සවයද පිරිවැය අවම කරන ලෙස කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත දැනුම් දෙන ලෙසද සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා මෙහිදී සඳහන් කරනු ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ලේකම් මහින්ද එස්. වීරසූරිය, රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටිහය.

Contact Us

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.