මාසික ධර්ම දේශනා මාලාවේ හත්වන ධර්ම දේශනාව

සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ මග පෙන්වීම මත සබරගමු පළාත් සභාවේ බෞද්ධ සංගමය මගින් මාසිකව පවත්වනු ලබන ධර්ම දේශනා මාලාවේ ඇසල පුන් පොහෝය නිමිත්තෙන් පවත්වනු ලබන ධර්ම දේශනාව අද (27) සබරගමු පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.

සබරගමු පළාත් මාර්ග සංවර්ධන, ග්‍රාමීය යටිතල පහසුකම්, සංචාරක ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ බැතිබර දායකත්වයෙන් ගොඩකවෙල මල්වැස්සා වෙහෙර රජමහා විහාරාධිපති අතිපූජ්‍ය පාතකඩ සුමනතිස්ස ස්වාමීන්වහන්සේ විසින් මෙවර ධර්ම දේශනාව පවත්වනු ලැබීය.

මෙම අවස්ථාවට සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා, පළාත් ප්‍රධාන ලේකම් සුනිල් ජයලත් මහතා ඇතුළු පිරිසක් සහභාගි විය.

Contact Us

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.