පවතින ඉන්ධන අර්බුධය පිළිබඳබ විශේෂ සාකච්ඡාව – රත්නපුර දිස්ත්‍රික්කය

වර්තමානයේ රට තුළ මතු වී ඇති ඉන්ධන අර්බුධය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කය තුළ මතු වී ඇති ගැටළුකාරී තත්ත්වය හා ඒවාට විසඳුම් සෙවීම සඳහා විශේෂ සකච්ඡාවක් 2022.06.24 දින, සබරගමුව පළාත් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙහිදී වීඩියේ තක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව මහතා අදහස් දක්වමින් රත්නපුර දිස්ත්‍රික්කයේ කුඩා තේ වතු හිමියන් 120000 ක් පමණ සිටින අතර ඔවුන් හෙක්ටෙයාර් 48500 ක පමණ තේ වගා කර ඇති බවයි.
තවද මහා පරිමාන තේ වතු කිහිපයක්ම දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. මෙයට අමතරව මැණික් පතල් කර්මාන්තය සඳහාද විශේෂ අවධානයක් යොමුවිය. එමෙන් ඇඟලුම් ඇතුළු අනෙකුත් නිෂ්පාදන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දීමටද මෙහිදී අවධානය යොමුවිය.
මෙහිදී අදහස් දැක් වූ රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය සඳහන් කළේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඉන්ධනහල් 47 ක් පවතින බවයි. මෙම ඉන්ධනහල්වල ඔක්ටේන් 92 පෙට්රල් ලීටර් 887,443 ක්ද, ඔක්ටේන් 95 පෙට්රල් ලීටර් 379,224 ක්ද, ඩීසල් ලීටර් 1,460,274 ක්ද, සුපර් ඩීසල් ලීටර් 297,549 ක්ද ගබඩා කළ හැකි බවයි.
විශේෂයෙන් අත්‍යවශ්‍ය සේවාවාන් අඩාල නොවී පවත්වාගෙන යාම පිළිබඳව මෙන්ම රටට මේ මොහොතේ අත්‍යවශ්‍යම විදේශ විනිමය උපයන තේ කර්මාන්තය සඳහා ඉන්ධන හිඟයකින් තොරව ලබා දීමටද මෙහිදී දැඩි අවධානය යොමුවිය.
එමෙන්ම එකම පුද්ගලයින් එකම දිනයේ තම වාහනයට කිහිපවතාවක්ම ඉන්ධන ලබා ගැනීම මෙන්ම ඇතැම් පුද්ගලයින් ඉන්ධන සඟවා ගෙන සිටීම කෙරෙහිද මෙහිදී අවධානය යොමුවිය. විශේෂයෙන් මෙහිදී දිසපතිනිය සඳහන් කළේ කලවාන ප්‍රදේශයට පසු ගිය දිනෙක එක් දිනක් තුළ ඩීසල් ලීටර් 52000 ක් (පනස් දෙදහසක්) බෙදා හැරියද ඊට පසු දින පෝලිම්වල කිසි අඩුවක් සිදු නොවූ බවයි.
එමෙන්ම බොහෝ අවස්ථාවල ඉන්ධන රාත්‍රී කාලයේ බෙදා හැරීම මගින් විවිධ අක්‍රමිකතා සිදුවන බවත් ඒ හේතුවෙන් දහවල් කාලයේ ඉන්ධන බෙදා හැරීමට ඇති හැකියාව පිළිබඳවද මෙහිදී අවධානය යොමුවිය.
මෙහිදී ඉන්ධන පිරවුම්හල් නියෝජනය කරමින් සමස්ත ලංකා ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ ලේකම් නියෝජනය කරමින් පැමිණි ධර්මප්‍රිය ලියනාරච්චි මහතා සඳහන් කළේ අත්‍යවශ්‍ය සේවාවන්වලට ඉන්ධන නිකුත් කිරීමේදී සෑහෙන වේලාවක් ඉන්ධන පෝලිම්වල රැදී සිටින පුද්ගලයින්ගෙන් ඇතැම් විට විශාල විරෝධයක් ඇති වන බවයි. ඇතැම් රජයේ නිලධාරීන්ද තමන්ට හිමි ඉන්ධන අවසර පත්‍රය අවභාවිතා කිරීමද ගැටළුවක් වන බවයි.
මෙම සාකච්ඡාව සඳහා සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් සුනිල් ජයලත් ප්‍රධාන අමාත්‍යංශ ලේකම් ප්‍රභාත් උදාකර, රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් ජී.ඩී.එල්. උදයකුමාරි, රත්නපුර නියෝජ්‍ය පොලිස්පති ජේ.එස්. වීරසේකර, සබරගමුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සේපාල කුරුප්පුආරච්චි, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර, පළාත් සමූපකාර කොමසාරිස් දිලිනි ධර්මදාස, ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස් කුමාරි ගමඇතිගේ, කුරුවිට යුධහමුදා කඳවුරේ අණදෙන නිලධාරී ඩී.ඩී.එස්ද අල්විස්, අණදෙන නිලධාරී සේනාධීර යන මහත්ම මහත්මීන් ඇතුළු රජයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Contact Us

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.