සබරගමුවම වවමු – පළාත් සභාවෙන් අරඔමු

සබරගමු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන ආහාර සුරක්ෂිතතා ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මකය.

එම ව්‍යාපෘතියේ පැළ රෝපණය කිරීමේ සමාරම්භය අද(08) පළාත් සභා පරිශ්‍රයේදී ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ අතින් සිදුවිය.

පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය සහ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු එක්ව තාක්ෂණික සහය මේ සඳහා ලබාදෙයි.

මෙම ව්‍යාපෘතිය “සබරගමුවම වවමු – පළාත් සභාවෙන් අරඔමු” තේමාව යටතේ ක්‍රියාත්මක වේ.

මෙම ව්‍යාපෘතිය යටතේ සබරගමු පළාතේ ඇති සියළුම රාජ්‍ය ආයතන වල වගා නොකළ ඉඩම් වගාකිරීමට ක්‍රියාත්මක කෙරේ.

මෙදින (08) සබරගමු පළාත් සභා ආයතන විසින් වගා කටයුතු වල නියැලෙන අයුරු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ නිරීක්ශණයට ලක්විය.

Contact Us

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.