අකුරු කරමින් කුඹුර අස්වද්දන පුවක්දෙණියේ දරුවෝ.

කෑගල්ල පුවක්දෙණිය කනිෂ්ඨ විද්‍යාලයේ දරු දැරියන්, දෙමාපියන්, ගුරු භවතුන් හා විදුහල්පති එක් ව විද්‍යාලය සතු කුඹුර වගා කිරීමට කටයුතු කර ඇත.
මෙම විද්‍යාලයේ කුඹුරු අස්වැද්දීමේ කටයුතු සදහා අවශ්‍ය බීජ, කෘෂී පොහොර සහ උපකරණ ඇතුළු වෙනත් පහසුකම් ලබා දෙන ලෙස සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා උපදෙස් දී ඇත.
එහි වගා කටයුතු සිදු කරන ආකාරය නිරීක්ෂණය කිරීමට ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් මංජුලා ඉදිගහවෙල මහත්මීය සහ සබරගමුව පළාත් සභාවේ නිළධාරීන් පසුගිය දා (03) එක්ව සිටියහ.
කෑගල්ල පුවක්දෙණිය කනිෂ්ට විද්‍යාලය සහ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති ලෙස කටයුතු කරන වසන්තා කරුණාරත්න මහත්මිය පවසන්නේ, විද්‍යාලය සතු කුඹුරු සෑම වර්ෂයකම 9 වසර දරු දැරියන්, දෙමාපියන්, ගුරුවරු එක් ව අස්වද්දන බව ය.
එහි අස්වැන්න විද්‍යාලයේ දරු දැරියන් සදහා ආහාර සහ කැවිලි පිළියෙල කර ලබා දීමට භාවිතා කරන බව ද විදුහල්පතිනිය පවසයි.
මෙම විද්‍යාලයේ 1 – 11 දක්වා පන්ති පැවැත්වේ.
ළමුන් 435 ද මෙහි අධ්‍යාපනය හදාරන අතර ගුරු භවතුන් 36ක් ද සේවය කරයි.
යල මහ කන්න දෙකම සාර්ථක ව වගා කිරීමට අවශ්‍ය පරිදි ජල මූලාශ්‍ර වර්ෂය පුරා ම අඛණ්ඩ ව පවතී.
කාබනික වගාවක් ලෙස මෙම කටයුතු අස්වැද්දීමට කටයුතු කර ඇත.
විද්‍යාලය සතු ගොඩ සහ මඩ ඉඩම් ප්‍රමාණය අක්කර පහකි.
එහි කුරුදු හා ඔසු පැල වගා කිරීමට කටයුතු කර ඇත.
මේ පිළිබද ව අදහස් දක්වන සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසුවේ, පළාතේ 1116 වන සියළු පාසල්වල භූමිවල වගා කටයුතු කිරීමට පළාත් අධ්‍යාපන නිළධාරීන් වෙත දැනුම් දී ඇති බව ය.
කෑගල්ල පුවක්දෙණිය කනිෂ්ට විද්‍යාලයේ දරුවන් ශිෂ්‍යත්වය සහ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට එක් වී ඉහල සාමාර්ථ ලබා ගත් බව ද විදුහල්පතිවරිය පැවසී ය.

Contact Us

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.