අඩු ආදායම්ලාභී පුද්ගලයන්ට වෛද්‍යාධාර සදහා අවශ්‍ය අරමුදල් ලබා දීම

සබරගමුව පළාත් සමාජ සුභ සාධන අමාත්‍යංශයේ සමාජ සේවා අරමුදල මගින් අඩු ආදායම්ලාභී පුද්ගලයන්ට වෛද්‍යාධාර සදහා අවශ්‍ය අරමුදල් ලබා දීම අද (24) සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී සිදුවිය.
මේ යටතේ ශාන්ත වින්සන්ටි රැකවරණ නිවාසයේ හේෂානි නිරූපා දියණියට ශ්‍රවණ උපකරණ ලබා ගැනීම සදහා රු. 100,000.00 ක මුදලක් ද, සුසුම්නාවේ ආබාධයක් සහිත ආර්.එම්. විජේනන්ද මහතාට වෛද්‍යාධාර සදහා රු. 150,000.00 ක මුදලක් ද පරිත්‍යාග කිරීම සිදුවිය.
මෙම අවස්ථාවට තෙරේසා ක්ලැරින් කන්‍යා සොයුරිය, පළාත් ප්‍රධාන ලේකම් සුනිල් ජයලත්, ආණ්ඩුකාර ලේකම් එච්.ඩී. සිසිර, ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් මංජුලා ඉදිගහවෙල, සමාජ සුභසාධක අමාත්‍යංශයේ ලේකම් සංජීව ගොඩැල්ලවත්ත යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

Contact Us

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.