ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සංවර්ධන වැඩසටහනට (SESIP) රුපියල් ලක්ෂ 4000ක්

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සංවර්ධන වැඩසටහනට (SESIP) රුපියල් ලක්ෂ 4000 ක් ලබා දී ඇතැයි සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසී ය.ඒ මහතා මේ බව සදහන් කළේ පසුගිය දා (24) රත්නපුර පිහිටි ආණ්ඩුකාර ශ්‍රවණාගාරයේ දී පැවති සබරගමු පළාතේ ක්‍රියාත්මක SESIP වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමකට එක්වෙමිණි.මෙම වැඩසටහන 2021 සිට 2025 දක්වා ක්‍රියාත්මක ය.

ඒ යටතේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාල ව ක්ෂේත්‍ර 7ක් ඔස්සේ වැඩසටහන් ක්‍රියාත්මක වේ.මේ යටතේ අධ්‍යාපන නිලධාරීන්, විදුහල්පතිවරු, ගුරුභවතුන් සදහා පුහුණු වැඩසටහන් ගණිතය, විද්‍යාව, තාක්ෂණවේදය, ඉංජිනේරු තාක්ෂණය වැනි විෂයයන් පිළිබද ව පාඨමාලා පැවැත්වීම ඇතුළු ක්ෂේත්‍ර යටතේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදය සවිබල ගැන්වීමට පියවර ගන්නා බව ජාතික වැඩසටහන් කළමනාකරු ආචාර්ය ලලිත් ලියනගේ මහතා මෙහි දී පැවසී ය.

මෙම අවස්ථාවට මහාචාර්ය ලීනා කොක්ෆ්‍රොස්, ව්‍යාපෘති අධ්‍යක්ෂ රීක්කා හලික්කා, ජාතික වැඩසටහන් කළමනාකරු කුමුදු වසන්ත, ජාතික උපදේශක සනත් පූජිත, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සේපාල කුරුප්පුආරච්චි, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වන කේ.එල්.ඊ.කුමාර, එම්.ටී.එෆ්.අන්සෆ්, එම්.ජී.ආර්.ගමගේ, ව්‍යාපෘති නිලධාරී කසුන් හෙට්ටිතන්ත්‍රී යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි විය.

Contact Us

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.