සබරගමුව පළාතේ සියළුම රාජ්‍ය ආයතන ඒකාබද්ධ ව සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරනවා

“සබරගමුව පළාතේ සියළුම රාජ්‍ය ආයතන ඒකාබද්ධ ව සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරනවා”

සබරගමුව පළාත් ආණ්ඩුකාර

රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ සියළුම රාජ්‍ය ආයතන ඒකාබද්ධ ප්‍රවේශයක සිට ඉදිරි සංවර්ධන කටයුතු සිදු කරන බව සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා අද (04) සදහන් කළේ ය.ඒ මහතා මේ බව සදහන් කළේ එදින (04) රත්නපුර පිහිටි පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවති රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරු අතර පැවති සාකච්ඡාවකට එක්වෙමිණි.

මෙහි දී අදහස් දැක් වූ සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසුවේ සබරගමුව පළාතේ ක්‍රියාත්මක සබරගමුව පළාත් සභාව, පළාත් පාලන ආයතන, ප්‍රාදේශීය සභා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල එක් ව, පළාතේ භෞතික හා මානව සම්පත් සංවර්ධන කටයුතු එක් ව ක්‍රියාත්මක කිරීම වඩාත් ඵලදායී බව ය.ඒ අනුව පළාතේ ඒ ඒ රාජ්‍ය ආයතන සතු සම්පත්, දැනුම, තාක්ෂණය හුවමාරු කර ගනිමින් පළාතේ පුරවැසියන් වෙත වඩාත් ඉහළ සේවාවක් ලබා දීමට කටයුතු කරන බව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා මෙහි දී පැවසී ය.

ඒ අනුව දැනට සබරගමුව පළාත් සභාව සතු ගොවිපළ, සම්මන්ත්‍රණ ශාලා, සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරි, පෙරනිමි කොන්ක්‍රිට් අංගන වල සේවය ද වෙනත් රාජ්‍ය ආයතන සතු ඒවායේ සේවා අවස්ථා ද මේ යටතේ භාවිතා කළ හැකි බව ඒ මහතා මෙහි දී පැවසී ය.ඒ ඒ රාජ්‍ය ආයතන මගින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති පිළිබ ද ව පොදුවේ සෑම රාජ්‍ය ආයතනයකට ම දැනුම් දීමට ද මෙහි දී තීරණය විය.

මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් සුනිල් ජයලත්, ආණ්ඩුකාර ලේකම් එච්.ඩී.සිසිර, ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් ප්‍රභාත් උදාකර, රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි විය.

Contact Us

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.