සබරගමු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණකාධිකාරී තනතුරට පී.ඒ.ටී.පුෂ්පකුමාර මහතා පත් කර ඇත.සබරගමු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් මෙම පත් කිරීම සිදු කරනු ලැබී ය.
පී.ඒ.ටී.පුෂ්පකුමාර මහතාට පත්වීම් ලිපිය ප්රදානය කිරීම සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසින් අද (25) පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී සිදු විය.
මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් සුනිල් ජයලත්, ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් ප්‍රභාත් උදාකර, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මූල්‍ය) ප්‍රියන්තා විජයසුන්දර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී විය.