මාසික ධර්ම දේශනාමය පිංකම

සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ මග පෙන්වීම යටතේ පළාත් සභාවේ බෞද්ධ සංගමය මගින් සංවිධානය කෙරුණු මාසික ධර්ම දේශනය මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ බැතිබර දායකත්වයෙන් අද (25) සබරගමු පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.

ශ්‍රී සද්ධර්ම විභූෂණ වාගේෂ්වරාචාර්ය පදවියෙන් හා ප්‍රවචන කීර්ති ශ්‍රී විචිත්‍රභාණක ගෞරව නාමයෙන් පිදුම්ලද, රත්නපුර බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ, රූපවාහිනී, විචිත්‍ර ධර්මදේශකයාණන් වහන්සේ වන ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත හගරංගල සුමේධ නායක හිමිපාණන් වහන්සේ විසින් පවත්වනු ලැබී ය.

මෙම අවස්ථාවට සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ප්‍රධාන ලේකම් සුනිල් ජයලත්, ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් ප්‍රභාත් උදාකර, ආණ්ඩුකාර ලේකම් එච්.ඩී.සිසිර, ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් මංජුලා ඉදිගහවෙල යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක් ව සිටියහ.

Contact Us

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.