2022-2023 ගෞතම ශ්‍රී පාද වන්දනා වාරය

2022-2023 ගෞතම ශ්‍රී පාද වන්දනා වාරය එළඹෙන උදුවප් පුන් පොහෝ දිනෙන් ආරම්භ කිරීමට නියමිතය.

මේ පිළිබඳව පළමු සාකච්ඡා වාරය අද (26) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී ගෞතම ශ්‍රී පාද ස්ථානාධිපති ,ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උප කුලපති අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන්ගේ අනුශාසකත්වයෙන් සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

මෙවර ගෞතම ශ්‍රී පාද වන්දනා වාරය දෙසැම්බර් මස 7 වෙනි දිනට යෙදෙන උදුවප් පොහොය දිනෙන් ආරම්භ වීමට නියමිතය.

ඒ අනුව දෙසැම්බර් 05 දින සවස යෙදෙන විශේෂ නැකතකට අනුව ශ්‍රී පාද රජමහා විහාරයේ විශේෂ කුටියක තැන්පත් කර තිබෙන සාධාතුක කරඩුව සහ සමන් දේව ප්‍රතිමා 06 දා උදෑසන ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ සිට ශ්‍රී පාදස්ථානය දක්වා මාර්ග 04ක් ඔස්සේ වැඩමවීමට නියමිතය.

ඒ අනුව ශ්‍රී පලාබද්දල මාර්ගය, බලංගොඩ මාර්ගය, කුරුවිට මාර්ගය සහ හැටන් නල්ලතන්නි මාර්ගය යන මාර්ග 04න් මෙම පෙරහැර ගමන් කිරීමට නියමිතය.

අනතුරුව දෙසැම්බර් 07 උදුවප් පෝදා සධාතුක කරඩුව සහ සමන්දේව ප්‍රතිමා ශ්‍රීපාද ස්ථානයේ තැන්පත් කිරීමට නියමිතය.

රජය මගින් ශ්‍රී පාද වන්දනාව රාජ්‍ය උත්සවයක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇත.

මෙහිදී පෙරහැර ගමන් මග, බැතිමතුන්ගේ ආරක්ෂාව, සෞඛ්‍ය පහසුකම්,මාර්ග පහසුකම්, ගමනාගමන පහසුකම්, සනීපාරක්ෂක පහසුකම්, විදුලිබල පහසුකම්, ජල පහසුකම් සැපයීම ආදී කරුණු රාශියක් පිළිබඳව සාකච්ඡාවට ලක් කෙරුණි.

මෙම අවස්ථාවට ඵෙතිහාසික සුමන සමන් දේවාලයේ බස්නායක නිලමේ මිගාර ජයසුන්දර, රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම, නුවර එළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ,ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් මංජුලා ඉදිගහවෙල යන මහත්ම මහත්මීන් ද සෞඛ්‍ය අංශ නිළධාරින්, ආරක්ෂක අංශ නිළධාරින් සහ සියලු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරී මහත්ම මහත්මීන් සහභාගි වී සිටියහ.

Contact Us

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.