සෞඛ්‍ය අමාත්‍යංශයෙන් රත්නපුර ශික්ෂණ රෝහලට සහ ඇහැලියගොඩ මූලික රෝහලට ගිලන් රථ

සෞඛ්‍ය අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත ලබා දුන් ගිලන්රථ දෙකක් රත්නපුර ශික්ෂණ රෝහලට සහ ඇහැලියගොඩ මූලික රෝහල වෙත භාර දීම අද (03) රත්නපුර පිහිටි පළාත් සභා පරිශ්‍රයේ දී සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා අතින් සිදුවිය.මෙහි වෙළදපොළ වටිනාකම රුපියල් ලක්ෂ 400ක් පමණ වේ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අකිල සාලිය එල්ලාවල, ගාමිණී වලේබොඩ, ප්‍රධාන ලේකම් සුනිල් ජයලත්, ආණ්ඩුකාර ලේකම් එච්.ඩී.සිසිර, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කපිල කන්නන්ගර, ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් මංජුලා ඉදිගහවෙල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

Contact Us

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.