සබරගමු පළාතේ පළාත් පාලන ආයතන සතු මාර්ග GIS තාක්ෂණය ඔස්සේ සිතියම් ගත කෙරේ

සබරගමු පළාතේ පළාත් පාලන ආයතන සතු මාර්ග GIS තාක්ෂණය මගින් මිනුම් කර සිතියම් ගත කිරීමේ ව්‍යාපෘතියේ ආරම්භක වැඩසටහන අද (06) සබරගමු පළාත් සභා ශ්‍රවණාගාරයේ දී සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

මෙහි දී අදාල මාර්ග පද්ධතියේ සැලසුම් සකස් කර එම සැලසුම් ගැසට් මගින් ප්‍රකාශයට පත් කොට නීත්‍යනුකූල මාර්ග දත්ත පද්ධතියක් සකස් කර ගැනීම සදහා මෙය වර්ෂයක කාලයක් තුළ දී ක්‍රියාත්මක වීමට නියමිත ය.

පළාත් පාලන ආයතන සතු මාර්ග නීත්‍යානුකූල මාර්ග ලෙස ප්‍රසිද්ධියට පත් කිරීමෙන් එම තොරතුරු මත පදනම් ව ඉදිරි සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම මෙහි අරමුණයි.

පළාත් පාලන ආයතන නිලධාරීන් මගින් GIS තාක්ෂණය ඔස්සේ මිනුම් කටයුතු කිරීමෙන් මෙහි මිනුම් කටයුතු සදහා වැයවෙන විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වී ඇත.

ඉදිරියේ දී පළාත් පාලන ආයතන සතු මාර්ග ඉන්වෙන්ට්‍රිය, වීදි පහන්, ව්‍යාපාරික ස්ථාන,  වරිපනම්, දේපල සහ සභා සතු සියලු දේපල සිතියම් ගත කිරීමට යෝජිත ය.

මෙය වයඹ පළාත් සභාවේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ තාක්ෂණික සහයෝගය මත සබරගමුව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යංශය යටතේ පළාත් පාලන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කෙරේ.

මෙදින පළාත් පාලන ආයතනවල සෞඛ්‍ය කම්කරු, මාර්ග කම්කරු, ක්ෂේත්‍ර නිලධාරීන් සහ කාර්යාලයීය කාර්ය මණ්ඩල සදහා අවශ්‍ය සනීපාරක්ෂක උපකරණ, විශබීජනාශක දියර ලබා දීම ද සිදු කෙරුණි.

මෙම අවස්ථාවට ගොඩකවෙල ප්‍රාදේශීය සභා සභාපති ප්‍රියන්ත බණ්ඩාර, කොලොන්න ප්‍රාදේශීය සභා සභාපති රූපසේන තලවත්ත, ප්‍රධාන ලේකම් සුනිල් ජයලත්, ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් ප්‍රභාත් උදාකර, පළාත් පාලන කොමසාරිස් දුලිප් සොමිරත්න, රත්නපුර සහකාර පළාත් පාලන කොමසාරිස් කීර්ති බණ්ඩාර, කෑගල්ල සහකාර පළාත් පාලන කොමසාරිස් දමිත් සිසිරනාත්,  නියෝජ්‍ය අධ්‍යක්ෂ (වයඹ පළාත් සභාව) එච්.එන්.බී. අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී විය.

Contact Us

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.