සබරගමු පළාතේ අධ්‍යාපන පද්ධතිය තුළ ඉංග්‍රීසි භාෂාව සහ තොරතුරු තාක්ෂණය පුර්ණ ලෙස බල ගැන්වීම

සබරගමු පළාතේ අධ්‍යාපන පද්ධතිය තුළ ඉංග්‍රීසි භාෂාව සහ තොරතුරු තාක්ෂණය පුර්ණ ලෙස බල ගැන්වීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් british counsil ආයතනය සමග එකාබද්ධව ආරම්භ කරන බව ගරු ආණ්ඩුකාර තුමන් විසින් 2023.07.13 වන දින පැවති තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමඟ පැවති සාකච්ඡාවේදී පැවසීය.

මෙම වැඩසටහන යටතේ British Council සමඟ සාකච්ඡා කොට අදියර 3 ක් යටතේ ඉංග්‍රීසි විෂය භාර ගුරු භවතුන් පුහුණු කිරීමට බලාපොරොත්තු වන අතර රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් දෙකේ දරුවන් සඳහා පරිගණක භාෂාව ඉගැන්වීම සහ සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරිමට ද මෙහිදි සාකච්ඡා කරන ලදි.

මේ සඳහා සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් ද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ද අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ද සහභාගි විය.

Contact Us

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.