සබරගමු පළාත් දැල් පන්දු ශූරතාවය රත්නපුර දිස්ත්‍රික්කයට

47 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කල සබරගමු පළාත් ශූරයින් තෝරා ගැනීමේ දැල් පන්දු අවසන් තරගාවලිය සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් අද(26) රත්නපුර නවනගර ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.

සිංගප්පූරුවේ පැවති 2022 ආසියානු කුසලාන දැල් පන්දු තරගාවලියේ ආසියානු ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කල සබරගමු පළාත් ක්‍රීඩිකා බී.ජී.ටී. දීපිකා දර්ශනී අබේකෝන් මහත්මිය ඇගයීම ද මෙහිදී සිදු විය.

මෙදින (26) පැවැත්වූ අවසන් තරගාවලිය කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික් කණ්ඩායම් අතර පැවති අතර එහිදී සබරගමු පළාත් දැල් පන්දු ශූරතාවය රත්නපුර දිස්ත්‍රික් කණ්ඩායම විසින් දිනා ගනු ලැබීය.

මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් සුනිල් ජයලත්,පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් චාමර බමුණුආරච්චි, ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් මංජුලා ඉදිගහවෙල,පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂිකා චතුරංගිකා ප්‍රේමරත්න, සහකාර ලේකම්වරුන් වන මයුර අරන්දර, උදේශිකා කුමාරි, සැලසුම් අධ්‍යක්ෂ රුවන් පෙරේරා යන මහත්ම මහත්මීන් ද, පළාත් ක්‍රීඩා නිලධාරීන්, පුහුණුකරුවන් ඇතුළු පිරිසක් සහභාගි විය.

Contact Us

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.