සබරගමු පලාත් සමුපකාර ආයතනවල නිලධාරීන් සදහා මානව සම්පත් කළමනාකරණ පුහුණු වැඩසටහනක්

මෙහිදී සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා සමූපකාර ව්‍යාපාරය වචනයේ පරිසමාර්ථයෙන්ම ජන සමූහයට සේවාවන් සැපයුතු බවත් ඒ අතරම බුද්ධිමත් කළමනාකරනයෙන් ලාබාදායි ව්‍යාපාරයක් ලෙස කළමනාකරගතයුතු යැයි සඳහන් කලේය. තවදුරටත් සමූපකාර සාමාන්‍යධිකාරි වරයෙකුගේ සාර්ථක පරිපාලනය තුල ප්‍රතිඵල ලඟාකරගත හැකි බැව් අවදාරනය කලේය.රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල සමුපකාර ආයතනවල සාමාන්‍යාධිකාරිවරුන්, ලේකම්වරුන් ඇතුළු ඉහල විධායක නිලධාරීන් සදහා මානව සම්පත් කළමනාකරණය පිළිබද පුහුණු වැඩසටහනක් අද (28) පුස්සැල්ල කළමනාකරණ සංවර්ධන පුහුණු මධ්‍යස්ථානයේ දී සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

මෙය සබරගමු පළාත් සමුපකාර සේවා කොමිෂන් සභා කාර්යාලය මගින් සංවිධානය කොට තිබුණි.මෙහි සම්පත් දායකත්වය ජාතික සමුපකාර මණ්ඩලයේ උපදේශක, බාහිර කථිකාචාර්ය ඒ.බී.බුලත්ගම මහතා විසින් සිදු කරනු ලැබී ය.

මෙම අවස්ථාවට සමුපකාර සේවා කොමිෂන් සභා සභාපති නීතිඥ සිරි හේමාගම, කොමිෂන් සභා සාමාජික නීතිඥ තරංග බණ්ඩාර, ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් ප්‍රභාත් උදාකර, සමුපකාර කොමසාරිස් දිලිනි ධර්මදාස, සමුපකාර සේවා කොමිෂන් සභා ලේකම් ඉසුරි රත්නායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

Contact Us

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.