සබරගමුව ප්‍රධාන අමාත්‍යාංශයෙන් කාබනික එළවළු සහ පලතුරු අලෙවි සැලක්

සබරගමු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යාංශයේ නිලධාරින් විසින් වගා කළ එළවළු සහ පලතුරු අස්වැන්න සහිත අලෙවි සැලක් පළාත් සභා පරිශ්‍රයේ දී අද (05) පැවැත්වුණි.

ප්‍රධාන අමාත්‍යාංශය හා එම අමාත්‍යාංශය යටතේ පවතින සමුපකාර දෙපාර්තමේන්තුව ඇතුළු දෙපාර්තමේන්තු සහ ආයතනවල සේවක සේවිකාවන් සිය ගෙවතු ආශ්‍රිතව වගා කළ එළවළු සහ පලතුරු මෙහි අලෙවියට එක් කර තිබුණි.

එහි ප්‍රථම අස්වනු අලෙවිය සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා වෙත ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් උදාකර මහතා විසින් සිදු කරනු ලැබීය.

සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ සංකල්පයක් අනුව රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ රාජ්‍ය ආයතන පරිශ්‍ර වගා කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.

ඒ යටතේ රත්නපුර සබරගමු පළාත් සභා පරිශ්‍රයේ ප්‍රධාන අමාත්‍යාංශය මඟින් වගා කළ භෝගවල අස්වැන්න ද මෙහි අලෙවියට තබා තිබුණි.

මෙම වගාවට එක්කර තිබූ එළවළු සහ පලතුරු කාබනික පොහොර භාවිතා කොට වගා කොට ඇත.

සබරගමු පළාත් සභා පරිශ්‍රයේ අක්කර 04ක භූමි ප්‍රමාණය තුළ සෙසු ආයතන මඟින් වී, හේන් ගොවිතැන ඇතුළු ගෙවතු වගා ද ක්‍රියාත්මක කර ඇත.

මෙම අවස්ථාවට ප්‍රධාන ලේකම් සුනිල් ජයලත්, ආණ්ඩුකාර ලේකම් එච්.ඩී.සිසිර, ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් මංජුලා ඉදිහහවෙල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි විය. (https://rentalsfloridakeys.com/)

Contact Us

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.