සබරගමුව ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් ධූරයට සුජීවා පුෂ්ප කුමාරි බෝධිමාන්න පත් වෙයි…

සබරගමුව පළාත් සභා ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් ධූරයට සුජීවා පුෂ්ප කුමාරි බෝධිමාන්න මහත්මිය පත් කර ඇත.

ඊට අදාළ පත්වීමේ ලිපි ප්‍රදානය පසුගිය දා රත්නපුර පිහිටි පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී සබරගමු පළාත් ආණ්ඩුකාර අධිනීතීඥ නවින් දිසානායක මහතා විසින් සුජීවා පුෂ්ප කුමාරි බෝධිමාන්න මහත්මියට ප්‍රදානය කරනු ලැබිය.

සුජීවා පුෂ්ප කුමාරි බෝධිමාන්න මහත්මිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වාණිජ හා කළමණාකරණය පිළිබදව උපාධිධාරිනියකි.

වර්ෂ 2003 දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් වූ එම මහත්මිය ඉන්පසු රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය, ගම්පොළ සහකාර ප්‍රාදේශිය ලේකම්වරියක ලෙස ද, නුවරඑළිය ප්‍රාදේශිය ලේකම් ලෙස ද, නුවරඑළිය නාගරික කොමසාරිස්වරිය ලෙස ද, නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම්වරිය ලෙසද කටයුතු කර ඇත.

සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම්ව සිටි ප්‍රභාත් උදාකර මහතා විශ්‍රාම යාමෙන් පසුව එම ධූරයට සුජීවා පුෂ්ප කුමාරි බෝධිමාන්න මහත්මියව පත් කර ඇත.

මෙම අවස්ථාවට ප්‍රධාන ලේකම් මහින්ද එස් වීරසූරිය, ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් විජේරත්න දෙවගෙදර, ආණ්ඩුකාර ලේකම් දර්ශන සමරසේකර, පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් චාමර බමුණුආරච්චි, පළාත් සංචාරක අමාත්‍යංශ ලේකම් සංජීව ගොඩැල්ලවත්ත, පළාත් කර්මාන්ත අමාත්‍යංශ ලේකම් දිනීෂා එස්.රත්නායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Contact Us

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.