සබරගමුව පළාත් සභාවට නව ලේකම්වරු තිදෙනෙක්

සබරගමුව පළාත් සභා ප්‍රධාන අමාත්‍යංශය, ආණ්ඩුකාර කාර්යාලය සහ පළාත් අධ්‍යාපන අමාත්‍යංශය සඳහා නව ලේකම්වරු තිදෙනෙකු පත් කිරීමට සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා කටයුතු කරයි.

ඒ අනුව ප්‍රධාන අමාත්‍යංශය ලේකම් ලෙස ප්‍රභාත් උදාකර මහතා ද, ආණ්ඩුකාර ලේකම් ලෙස එච්. ඩී. සිසිර මහතා ද, පළාත් අධ්‍යාපන අමාත්‍යංශය ලේකම් ලෙස සුජානි රසාංගිකා විජේතුංග මහත්මිය ද මේ ලෙස පත් කර ඇත.

සබරගමුව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මඟින් මෙම පත් කිරීම සිදුකර ඇත.මීට පෙර ප්‍රභාත් උදාකර මහතා සබරගමුව පළාත් ආණ්ඩුකාර ලේකම්වරයා ලෙසද, එච්. ඩී. සිසිර මහතා පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා ලෙසද, සුජානි රසාංගිකා විජේතුංග මහත්මිය උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම්වරිය ලෙසද කටයුතු කර ඇත.

සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සබරගමුව පළාත් සභාවේ පළාත් අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තුවල රාජකාරි කටයුතු නිරීක්ෂණයට ද මෙදින (21) එක්විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ලේකම් සුනිල් ජයලත්, ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් මංජුලා ඉදිගහවෙල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

Contact Us

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.