සබරගමුව ආණ්ඩුකාරවරයා සහ පළාත් පාලන ප්‍රධානීන් අතර හමුවක්

සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සහ රත්නපුර, කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් අතර හමුවක් අද (11) රත්නපුර පිහිටි පළාත් සභා පරිශ්‍රයේ දී සිදුවිය.මෙහි දී වර්තමානයේ විදුලිබල අර්බුධය හමුවේ පළාත් පාලන ආයතනවල කාර්යභාරය පිළිබද ව දැනුවත් කිරීමක් ලංකා විදුලි බල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුදත් විමලේන්ද්‍ර මහතා විසින් සිදු කරනු ලැබී ය.පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් විගණනයේ අනාවරණය වන පොදු කරුණු විගණන අධිකාරී එම්.ජී.මදරසිංහ මහතා විසින් කරුණු පැහැදිලි කරනු ලැබී ය.

සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ උපදෙස් පරිදි පළාත් පාලන ආයතනවල මහජන පුස්තකාල සදහා පොත් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදුවිය.සබරගමුව පළාතේ, රත්නපුර, බලංගොඩ, ඇඹිලිපිටිය, කෑගල්ල නගර සභා සහ ප්‍රාදේශීය සභා 25ක් ඇතුළු පළාත් පාලන ආයතන 29ක් ක්‍රියාත්මකය.

මෙම අවස්ථාවට ප්‍රධාන අමාත්‍යංශ ලේකම් ප්‍රභාත් උදාකර, පළාත් පාලන කොමසාරිස් දුලිප් සොමිරත්න, සහකාර පළාත් පාලන කොමසාරිස් (රත්නපුර) කීර්ති බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී විය.

Contact Us

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.