සබරගමුවේ රාජ්‍ය සේවකයින් 75කට උසස්වීම්

රාජ්‍ය සේවකයින් 75 දෙනෙකු සඳහා තනතුරු උසස්වීම් ලබා දීමට සබරගමු පළාත් සභාව කටයුතු කර ඇත.

එම නිලධාරින් සඳහා පත්වීම් ලබා දීම සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (04) සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර පිහිටි පළාත් සභා ශ්‍රවණාගාරයේ දී සිදු විය.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වන ලද විභාග, ජ්‍යෙෂ්ඨතාව සහ විනය ආදී සාධක සැලකිල්ලට ගෙන මෙම පත්වීම් ලබා දීමට සබරගමු පළාත් සභාව කටයුතු කර ඇත.

මෙහිදී අදහස් දැක්වූ සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් සුනිල් ජයලත් මහතා පැවසුයේ පළාත් රාජ්‍ය කළමනාකරණ සේවාවේ නිලධාරින් 11 දෙනෙකු සහ පළාත් රාජ්‍ය කනිෂ්ඨ කාර්යය මණ්ඩලයේ 64 දෙනෙකු මෙලෙස උසස්වීම් ලැබීමට සුදුසුකම් ලබා පත්වීම් ලබන බවය.

ඒ අනුව පළාත් රාජ්‍ය කළමනාකරණ සේවාවේ නිලධාරි 11 දෙනෙකු පළාත් රාජ්‍ය කළමනාකරණ අධි ශ්‍රේණියේ තනතුරට ද, පළාත් රාජ්‍ය කනිෂ්ඨ කාර්යය මණ්ඩලයේ 64 දෙනෙකු පළාත් රාජ්‍ය කළමනාකරණ සේවාවේ III ශ්‍රේණියේ තනතුරු සඳහා ද මේ යටතේ පත්වීම් ලබා ඇත.

මෙහිදී අදහස් දැක්වූ සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා මෙසේ පැවසීය.

රාජ්‍ය සේවය පිළිබදව ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරීමට අප සියළු දෙනා එක්ව අත්වැල් බැද ගත යුතුයි.

ජනතාවගේ ඇගයුමට ලක්වන ලෙස අපගේ සේවාවන් සම්පාදනය කිරීමට අප ක්‍රියා කළ යුතුයි.

නිදහස ලැබූ 1948 වර්ෂයේ දී පුද්ගලයන් 83 දෙනෙකුට එක් රාජ්‍ය සේවකයෙකු කටයුතු කළ ද, 2022 වර්ෂය වන විට එය 17 දෙනෙකුට එක් රාජ්‍ය සේවකයෙකු ලෙස වර්ධනය වී තිබෙනවා.

එහි ප්‍රතිලාභ රටට ලබා දීමට අපි කටයුතු කරමු.

Contact Us

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.