විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් සහ අධ්‍යාපනවේදී උපාධීධාරීන් 739 ක් වෙත ගුරු පත්වීම් ප්‍රදානය

සබරගමුව පළාතේ පාසල් සඳහා ජාතික ශික්ෂණ විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් සහ අධ්‍යාපනවේදී උපාධීධාරීන් 739 ක් වෙත ගුරු පත්වීම් ප්‍රදානය කිරීම අද (16) රත්නපුර පිහිටි පළාත් සභා ශ්‍රවණාගාරයේ දී සබරගමුව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ ගරු නවින් දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

රත්නපුර දිස්ත්‍රික්කය සඳහා ගුරුභවතුන් 425 ක් ද, කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා ගුරුභවතුන් 314 ක් ද වෙනුවෙන් මෙලෙස පත්වීම් ලිපි වශයෙන් ප්‍රදානය කෙරිණ.

අද දින (16) කෙළඹ පැවති ජාතික උත්සවයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පවත්වනු ලැබූ දේශනය සජීවීව මෙහිදී විකාශය කරනු ලැබීය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර, කනක හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුදත් මංජුල,රාජිකා වික්‍රමසිංහ, උදයකාන්ත ගුණතිලක, ගාමිණී වලේබොඩ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Contact Us

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.