ලෝක සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලි සඳහා සහභාගීවන ක්‍රීඩිකාවන්ට සබරගමු පළාත් සභාවෙන් මූල්‍යාධාර ප්‍රදානය කරයි.

ලෝක සහ පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා තරග සඳහා සහභාගි වන ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සඳහා සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසින් මූල්‍ය පරිත්‍යාග කිරීමට කටයුතු කර ඇත.

ඒ් අනුව එංගලන්තයේ Birmingham හිදී ජූලි 28 වැනිදා සිට අගෝස්තු 08 වැනිදා දක්වා පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙලෙ කාන්තා ජූඩෝ 48kg බර පන්තියෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන ඇඹිලිපිටිය පනාමුර පදිංචි සබරගමු පළාත් මලල ක්‍රීඩිකා එම්.පී.චමිලා දිලානි ක්‍රීඩිකාව සඳහා රුපියල් ලක්ෂයක මූල්‍ය පරිත්‍යාගයක් පසුගියදා (25) ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසින් පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී ප්‍රදානය කරනු ලැබීය.

මීට අමතරව ඇමරිකාවේ පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතා තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මීටර් 3000 බාධක දිවිම තරඟාවලියට සහභාගිවන සබරගමු පළාත් මලල ක්‍රීඩිකා යූ.කේ.නිලානි රාජපක්ෂ ක්‍රීඩිකාව සඳහා ද සබරගමු පළාත් සභාව විසින් රුපියල් ලක්ෂයක මූල්‍ය පරිත්‍යාගයක් ප්‍රදානය කිරීමට කටයුතු කර ඇත.

මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් එච්.ඩී.සිසිර, පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් චාමර බමුණුආරච්චි, ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් මංජුලා ඉදිගහවෙල, සහකාර අධ්‍යක්ෂ චතුරංගිකා ප්‍රේමරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි විය.

Contact Us

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.