ලංකා බැංකු 83 වන සංවත්සරය

ලංකා බැංකුවේ 83 වන සංවත්සරය නිමිත්තෙන් අද (01) රත්නපුර පිහිටි ලංකා බැංකු සබරගමු පළාත් සභා ශාඛාවේ සැමරුම් උත්සවයක් සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

මෙම 83 වන ලංකා බැංකු සංවත්සරය වෙනුවෙන් සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසින් සබරගමු පළාත් ශාඛාවේ කළමකාකරු මාධවී ලියනආරච්චි මහත්මිය වෙත සමරු තිළිණයක් ද මෙදින (01) ප්‍රදානය කරනු ලැබීය.‍

මෙම අවස්ථාවට ප්‍රධාන ලේකම් සුනිල් ජයලත්, ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් උදාකර, ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් මංජුලා ඉදිගහවෙල, පළාත් පාලන කොමසාරිස් දුලිප් සොමිරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි විය.

Contact Us

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.