කෑගල්ල දිස්ත්‍රික් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවා සැහැල්ලු ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට කෑගල්ල සහකාර පළාත් පාලන කොමසාරිස් කාර්යාලය වෙනුවෙන් ක්‍රීඩා කල කණ්ඩායම සමත් විය. අවසන් තරගයේ වීරයා සම්මානය සහ හොදම පිතිකරු සම්මානය මෙම කණ්ඩායමේ රුවන් පුබුදු විසින් ද, තරගාවලියේ වීරයා ලෙස මෙම කණ්ඩායමේ එච්.එස්.පී.මනොජ් විසින් ද හිමිකර ගනු ලැබීය.
මෙම ක්‍රීඩා කණ්ඩායම අද (25) රත්නපුර පිහිටි පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දි සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ විශේෂ ඇගයීමට ලක් විය.පසුගියදා (21,22 දෙදින) රඹුක්කන අශෝක ක්‍රීඩාංගනයේ දී පැවති මෙම සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය සබරගමු මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් සංවිධානය කර තිබුණි.මෙහි අනු ශූරතාවය මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය කණ්ඩායම හිමිකරගනු ලැබීය.
මෙම අවස්ථාවට පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන් සහ නිලධාරින් ද, ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් මංජුලා ඉදිගහවෙල මහත්මිය ද, ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් ද ඇතුළු පිරිසක් සහභාගි විය.