රත්නපුර ශික්ෂණ රෝහලට රුපියල් මිලියන 1074 වියදමින් නව පස්මහල් වාට්ටු සංකීර්ණයක්

සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ශ්‍රී ලංකාව වෙත වඩාත් ගුණාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවන් ලබා දීමේ අරමුණින් රත්නපුර ශික්ෂණ රෝහලේ පස් මහල් හෘද සෞඛ්‍ය ඒකකයේ ඉදිකිරීම් අද (11) ආරම්භ විය.මේ සදහා රජය වැය කරන මුළු මුදල රුපියල් මිලියන 1074කි.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෘජු මැදිහත්වීම මත මෙම හෘද සෞඛ්‍ය ඒකකය ලබා දී ඇත.

මෙම අවස්ථාවට සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, හිටපු පළාත් අමාත්‍ය රංජිත් බණ්ඩාර, රත්නපුර නගරාධිපති ටිරෝන් අත්තනායක, ප්‍රාදේශීය සභාවේ සභාපතිවරු ඇතුළු දේශපාලන අධිකාරිය ද, රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ අනෝජ් රොද්‍රිගෝ, හෘද රෝග විශේෂඥ වෛද්‍ය චින්තක හතලවත්ත, දිසාපති මාලනී ලොකුපෝතාගම, පළාත් ප්‍රධාන ලේකම් සුනිල් ජයලත්, ප්‍රධාන අමාත්‍යංශ ලේකම් ප්‍රභාත් උදාකර, ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් මංජුලා ඉදිගහවෙල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

Contact Us

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.