රත්නපුර ඵෙතිහාසික සුමන සමන් දේව පෙරහැරේ දිය කැපීමේ චාරිත්‍රය

මෙවර පැවති රත්නපුර ඵෙතිහාසික සුමන සමන් දේව පෙරහැරේ දිය කැපීමේ චාරිත්‍රය කළු ගඟේ රතඹල ඇල්ල අසලදී අද (110) පෙරවරුවේ දී පැවැත්විණ.

මෙම වර්ෂයේ (2022) පැවතියේ රත්නපුර ඵෙතිහාසික සුමන සමන් දේව පෙරහැරේ 797 වන පෙරහැරය.

මෙවර සුමන සමන් දේව පෙරහැර මංගල්‍යයේ අවසන් රංදෙලි පෙරහැර ඊයේ(09) රාත්‍රියේදී වීථි සංචාරය කරනු ලැබීය.

වසර කීපයක් කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මෙම පෙරහැර ජනතා සහභාගිත්වයෙන් තොරව පැවත්වූ අතර මෙම වර්ෂයේ (2022) පෙරහැර ජනතා සහභාගිත්වයෙන් යුතුව පැවැත්විණ.

පෙරහැර මංගල්‍යයට මෙන්ම අද (11) පැවත්වූ දිය කැපීමේ මංගල්‍යයටද ඉහළ ජන සහභාගිත්වයක් තිබුණි.

දිය කැපීමේ චාරිත්‍රය ඉටු කිරීම සඳහා පෙරහැර රත්නපුර සමන් දේවාලය අසලින් ගලා බසින කළු ගඟේ කොටඹේ යන ස්ථානයෙන් අද (10) පාන්දර 4ට පමණ ආරම්භ කර දේවාභරණ වැඩම කරමින් රතඹල ඇල්ල වෙත කිලෝමීටර් 5ක පමණ දුරක් කළු ගඟ දිගේ ගමන් කරනු ලැබීය.

ඉන් අනතුරැව දිය කැපීමෙන් පසු යළි ගඟ දිගේ කොටඹේ වෙත පෙරහැර ගමන් කරනු ලැබීය.

මෙය ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන දිගම ගඟේ පෙරහැර බව බස්නායක නිලමේ මිගාර ජයසුන්දර මහතා පවසයි.

එලෙස කොටඹේ සිට නැවත සුමන සමන් දේවාලය වෙත ගමන් කිරීමෙන් අනතුරැව මෙවර ඇසළ පෙරහැර නිමාවට පත්වේ.

එම පෙරහැර දවල් පෙරහැර ලෙස හඳුන්වයි.

මෙම අවස්ථාව ශ්‍රීපාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමි දියවඩන නිලමේ නිලංග දෑලබණ්ඩාර බස්නායක නිලමේ මිගාර ජයසුන්දර අමාත්‍ය විදුර වික්‍රමනායක ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම, ගැමුණු හේවා බලකා සේනා විධායක බ්‍රිගේඩියර් W.B.J.K. විමලරත්න, සබරගමු පළාත් ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් මංජුලා ඉඳිගහවෙල යන මහත්මමහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි විය.

Contact Us

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.