රත්නපුර නව දිස්ත්‍රික් ලේකම්වරයෙක්

රත්නපුර නව දිස්ත්‍රික් ලේකම් ලෙස වසන්ත ගුණරත්න මහතා පත් කර ඇත.

නව දිස්ත්‍රික් ලේකම්වරයා අද (11) රත්නපුර පිහිටි සබරගමු පළාත් සභා ආණ්ඩුකාර කාර්යාලයේ දී සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා හමු විය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වන වසන්ත ගුණරත්න මහතා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ සෞභාග්‍යා සංවර්ධන කාර්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු තනතුරු රැසක කටයුතු කර ඇත.

මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක් ද වේ.

Contact Us

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.