රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම

රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම රත්නපුර දිස්ත්‍රික් ලේකම්/ දිසාපති මාලනී ලොකුපෝතාගම මහත්මියගේ කැඳවීමෙන් හා කමිටුවේ සම සභාපති රත්නපුර දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී, අකිල සාලිය එල්ලාවල මහතාගේ ප්‍රධානත්වයෙන් 2022.09.27 දින රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහිදී ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය පිළිබඳ දිස්ත්‍රික් ඒකාබද්ධ යාන්ත්‍රණය, දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩසටහන්, සබරගමු පළාත් සභාවේ විවිධ අමාත්‍යංශ මගින් ක්‍රියාත්මක කරනු ලබන රත්නපුර දිස්ත්‍රික්කයට අදාළ වැඩසටහන් හා රත්නපුර ශික්ෂණ රෝහලේ සංවර්ධන සැලසුම් පිළිබඳවද සාකච්ඡාවට ලක්විය.

මෙම අවස්ථාවට ගරු රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර, ප්‍රේමලාල් ජයසේකර, රත්නපුර දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී වලේබොඩ, වරුන ලියනගේ යන මහත්වරුද, පළාත් පාලන ආයතනවල නගරාධිපතිවරු, සභාපතිවරු, සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් සුනිල් ජයලත් මහතා ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් උදාකර මහතා ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් මංජුලා ඉදිගහවෙල මහත්මිය ඇතුළු නිලධාරීන් රැසක් ද සහභාගී වූහ.

Contact Us

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.