මිණිපුර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (21) සිට 27 දක්වා

මිණිපුර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා අතින් රත්නපුර බස්නැවතුම අසල පිහිටි මනසර බස් රථ අංගනයේ දී අද (21) විවෘත විය.ප්‍

රබුද්ධ සංස්කෘතික පදනම මගින් මෙම ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය දෙවන වරටත් සංවිධානය කර තිබූ අතර, මේ සදහා දිවයිනේ ප්‍රමුඛ පෙලේ පොත් ප්‍රකාශනයන්ගේ කුටි රැසක් එක් කර ඇත.වාර්ෂික ව කොළඹ පවත්වන පොත් ප්‍රදර්ශනයට සමගාමී ව ප්‍රබුද්ධ සංස්කෘතික පදනම මගින් දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවක ම මෙම ප්‍රදර්ශනය පවත්වයි.

ඒ අනුව හම්බන්තොට, මොණරාගල, බදුල්ල, අනුරාධපුර ඇතුළු දිස්ත්‍රික් රැසක මෙම පොත් ප්‍රදර්ශනය පැවැත්වීමට සංවිධායකයින් කටයුතු කර ඇත.මෙම පොත් ප්‍රදර්ශනය අද (21) සිට මෙම මස 27 දින දක්වා පෙ.ව.9.00 සිට ප.ව. 9.00 දක්වා පැවැත්වේ.ගී රස වින්දන, සාහිත්‍ය කථිකා, සංස්කෘතික අංග, පොත් එළි දැක්වීම, රසවින්දන වැඩසටහන් ඇතුළු වැඩසටහන් රැසක් ද මෙම පොත් ප්‍රදර්ශනයට සමගාමී ව ඉදිරිපත් කෙරේ.

මෙම අවස්ථාවට හිටපු පළාත් අමාත්‍ය රංජිත් බණ්ඩාර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දීපාල් ගුණසේකර, රත්නපුර නගරාධිපති ටිරෝන් අත්තනායක, ප්‍රධාන ලේකම් සුනිල් ජයලත්, සැලසුම් අධ්‍යක්ෂ ලලිත් බඹරබොටුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සේපාල කුරුප්පුආරච්චි ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් මංජුලා ඉදිගහවෙල, ප්‍රබුද්ධ සංස්කෘතික පදනමේ සභාපති ප්‍රියන්ත රණසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

පොත් ප්‍රදර්ශනයට එක් වූ පාසල් දරුවන් කීප දෙනෙකුටම සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසින් මිළට ගෙන පොත් කට්ටලයක් ප්‍රදානය කිරීම මෙහි දී සිදුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Contact Us

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.