මාසික ධර්ම දේශනාව

සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ මග පෙන්වීම මත සබරගමු පළාත් සභාවේ බෞද්ධ සංගමය මගින් මාසිකව පවත්වනු ලබන ධර්ම දේශනා මාලාවේ බිනර පුන් පොහෝය නිමිත්තෙන් පවත්වනු ලබන ධර්ම දේශනාව අද (12) සබරගමු පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.

සබරගමු පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ බැතිබර දායකත්වයෙන් දොරළුබඩ ශ්‍රී සුගතාරාම විහාරාධිකාරි, ගෞරව ශාස්ත්‍රවේදී, රාජකීය පණ්ඩිත, කථිකාචාර්ය පූජ්‍ය කුඹුගොඩාආරේ පඤ්ඤාලෝක ස්වාමීන්වහන්සේ විසින් මෙවර ධර්ම දේශනාව පවත්වනු ලැබීය.

මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් සුනිල් ජයලත්, ආණ්ඩුකාර ලේකම් එච්.ඩී.සිසිර, ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් මංජුලා ඉදිගහවෙල, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂ කේ.එම්.දුෂ්ශන්ති යන මහත්ම මහත්මීන් ඇතුළු සබරගමු පළාත් සභාවේ නිලධාරී මහත්ම මහත්මීන් පිරිසක් සහභාගි විය.

Contact Us

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.