මාසික ධර්ම දේශනාමය පිංකම

සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ මග පෙන්වීම යටතේ පළාත් සභාවේ බෞද්ධ සංගමය මගින් සංවිධානය කෙරුණු මාසික ධර්ම දේශනය ඉඩම්,පළාත් වාරිමාර්ග, කෘෂිකර්ම, සත්ව නිෂ්පාදන හා සත්ව සෞඛ්‍ය සහ ධීවර කටයුතු අමාත්‍යාංශයේ බැතිබර දායකත්වයෙන් අද (27) සබරගමු පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.

මෙවර ධර්ම දේශනාව පනගම මහින්දාරාමාධිපති, රත්නපුර කුමර විද්‍යාලයේ ආචාර්ය, ශාස්ත්‍රපති පූජ්‍ය පනගම මෛත්‍රීවංශ හිමිපාණන් වහන්සේ විසින් පවත්වනු ලැබී ය.

මෙම අවස්ථාවට සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ප්‍රධාන ලේකම් සුනිල් ජයලත්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එච්.ඩී.සිසිර යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක් ව සිටියහ.

Contact Us

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.