මාසික ධර්ම දේශනය

සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ මග පෙන්වීම මත සබරගමු පළාත් සභාවේ බෞද්ධ සංගමය මගින් මාසිකව පවත්වනු ලබන ධර්ම දේශනා මාලාවේ නිකිණි පුන් පොහෝය නිමිත්තෙන් පවත්වනු ලබන ධර්ම දේශනාව අද (31) සබරගමු පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.

සබරගමු පළාත් සභාවේ සභා ලේකම් කාර්යාලයේ බැතිබර දායකත්වයෙන් කහවත්ත කට්ටංගේ දිඹුල්වල විහාරවාසී අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ අරියධම්ම ස්වාමීන්වහන්සේ විසින් මෙවර ධර්ම දේශනාව පවත්වනු ලැබීය.

මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් සුනිල් ජයලත්, සභා ලේකම් ශාන්ති විජයරාජ, පළාත් සමාජසේවා හා කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ඒ.එස්.ජේ. ගොඩැල්ලවත්ත, ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් මංජුලා ඉදිගහවෙල යන මහත්ම මහත්මීන් ඇතුළු සබරගමු පළාත් සභාවේ නිලධාරීන් පිරිසක් සහභාගි විය.

Contact Us

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.