නියං සමය නිමා කර, දේශයටම ආශිර්වාද පතා රත්නපුර සබරගමුව ඓතිහාසික සමන් දේවාලයේ දී වැසි පිරිත සඤ්ඤායනා කරයි…

නියං සමය නිමා කර, දේශයටම ආශිර්වාද පතා රත්නපුර සබරගමුව ඓතිහාසික සමන් දේවාලයේ දී වැසි පිරිත ඇතුළු ආගමික වතාවත් රැසක් පසුගිය දා (16) පැවැත්විණි.

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, ශ්‍රීපාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නය විසින් මෙම ආගමික වතාවත් පවත්වනු ලැබීය.

එහිදී, අබතෙල් පහන් පූජාවක් ද, වැසි පිරිත සඤ්ඤායනා කිරීම සහ සමන් දෙවිදු වෙත පුද පූජා පැවැත්වීම ද සිදුවිය.

ඇලපාත, කරවිට, අයගම සහ පැල්මඩුල්ල යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ හතර යටතේ සමන් දේවාලය වෙත ජල කල සහිත පෙරහැර සතරක් ද මෙදින පවත්වනු ලැබීය.

සබරගමුව පළාත් සභාව, රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, රත්නපුර ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන රැසක දායකත්වය ද මීට හිමි විය.

මෙම අවස්ථාවට සබරගමු පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස්. වීරසූරිය, ප්‍රධාන අමාත්‍යංශ ලේකම් ප්‍රභාත් උදාකර, රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න, බස්නායක නිලමේ මිගාර ජයසුන්දර යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Contact Us

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.