නව අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු සදහා පත්වීම් ලිපි

කලවාන අධ්‍යාපන කොට්ඨාසයට සහ අයගම අධ්‍යාපන ‍ කොට්ඨාසයට නව අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු සදහා පත්වීම් ලිපි ප්‍රදානය පසුගිය දා (22) සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී සිදුවිය.
අයගම කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුර සදහා ඊ.පී. ජයතිලක මහතා ද, කලවාන කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුර සදහා බී.ඩී.අයි. මධුෂානි මහත්මිය ද මෙලෙස පත් කර ඇත.
මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් එච්.ඩී.සිසිර, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුජානි විජේතුංග යන මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

Contact Us

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.