දෙමළ භාෂා පුහුණු පාඨමාලාව

සබරගමු පළාත් රාජ්‍ය සේවකයින් සදහා පැවැත්වූ දෙමළ භාෂා පුහුණු පාඨමාලාවේ සමාප්තිය අද (08) පුස්සැල්ල කළමනාකරණ සංවර්ධන පුහුණු මධ්‍යස්ථානයේ දී සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සහ සබරගමු පළාත් සභාව එක්ව මෙම පුහුණු පාඨමාලාව පවත්වාගෙන යයි.

මෙවර පැවති මෙම පුහුණු පාඨමාලාව සදහා සබරගමු පළාත් රාජ්‍ය සේවයේ 148 දෙනෙකු කාණ්ඩ දෙකක් යටතේ එක්ව සිටියහ.

පාඨමාලා කාලය පළමු කණ්ඩායම සදහා පැය 150ක් ද, දෙවන කණ්ඩායම සදහා පැය 200 ක්ද ලෙස මෙම පාඨමාලා පැවැත්වුණි.

මෙම පාඨමාලාවට පී.පරම සිවම්, පී. පලනියආඩි, බැනඩික් ආශිර්වාම් යන ගුරුභවතුන් විසින් සම්පත් දායකත්වය ලබා දී තිබුණි.

මෙහිදී මෙම පාඨමාලාවට සහභාගි වූවන්ගේ නැටුම්, ගැයුම් සහ රංගන කුසලතා එළි දැක්වීමේ විචිත්‍රාංගයක් ද පැවැත්වුණි.

මෙහිදී සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසින් සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම සභාව ආමන්ත්‍රණය කරනු ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ලේකම් සුනිල් ජයලත්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් සුසිලා රාජපක්ෂ, ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් මංජුලා ඉදිගහවෙල, සහකාර ප්‍රධාන ලේකම් නිශාන්ත සමන් කුමාර, පුස්සැල්ල කළමනාකරණ සංවර්ධන පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ එස්.වී.සමරසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

சப்ரகமுவ மாகாண அரசாங்க ஊழியர்களுக்கான தமிழ் மொழி பயிற்சி நெறியின் நிறைவு நாள் நிகழ்வு இன்று (08) சப்ரகமுவ மாகாண ஆளுநர் டிகிரி கொப்பேகடுவ தலைமையில் புஸ்ஸல்ல முகாமைத்துவ அபிவிருத்தி பயிற்சி நிலையத்தில் இடம்பெற்றது.

அரச கரும மொழி திணைக்களமும் சப்ரகமுவ மாகாண சபையும் இணைந்து மேற்படி பயிற்சி நெறியை நடாத்துகின்றன.

இப்பயிற்சிநெறிக்கு சப்ரகமுவ மாகாண அரச சேவையைச் சேர்ந்த 148 பேர் இரண்டு பிரிவுகளின் கீழ் கலந்து கொண்டனர்.

முதல் குழுவிற்கு 150 மணிநேரமும், இரண்டாவது குழுவிற்கு 200 மணிநேரமும் இப்பாடநெறி நடைபெற்றது.

மேற்படி பயிற்சிநெறியை, ஆசியர்களான பெனடிக் ஆசிர்வாதம், பி.பரம சிவம்,

பி. பழனியாண்டி ஆகியோர்களால் நடாத்தப்பட்டது.

இப்பயிற்சி நெறியில் கலந்து கொண்டவர்கள், நடனம், பாடல் மற்றும் தமது பல்வேறு திறமைகளையும் வெளிப்படுத்தினர்.

இதன்போது சப்ரகமுவ மாகாண ஆளுநர் டிக்கிரி கொப்பேகடுவ தமிழ், சிங்களம் ஆங்கிலம் ஆகிய மூன்று மொழிகளிலும் உரையாற்றினார்.

இந்நிகழ்வில் சப்ரகமுவ மாகாண பிரதான செயலாளர் சுனில் ஜயலத், பிரதி பிரதான செயலாளர் சுசிலா ராஜபக்ஷ, ஆளுநரின் பிரத்தியேக செயலாளர் மஞ்சுளா இதிகாவெல, உதவி பிரதான செயலாளர் நிஷாந்த சமன் குமார, புஸ்ஸல்ல முகாமைத்துவ அபிவிருத்தி பயிற்சி நிலையத்தின் பணிப்பாளர் எஸ்.வி சமரசிங்க மற்றும் பலர் கலந்துகொண்டனர்.

Contact Us

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.