දරුවන්ට විස්කම් කල එලි දක්වන්න පළාත් ආණ්ඩුකාරතුමන්ගෙන් කැමරාවක්

රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ චිත්‍රපට සංසදයේ දූ දරුවන් සදහා කැමරා උපකරණයක් තම පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් පිරිනැමීම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසින් පසුගිය දා රත්නපුර පිහිටි පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී සිදු කෙරුණු ලැබීය.
මෙසේ ඔවුන් සදහා කැමරා උපකරණයක් පරිත්‍යාග කිරීමට පාදක වූයේ පසුගිය දා සීවලි මධ්‍ය විද්‍යාලයේ දූ දරුවන් පිරිසක් පළාත් ආණ්ඩුකාරතුමන්ගෙ නිල නිවස ආසන්නයේ පුහුණුවීම් කටයුතු සිදු කිරීමේ දී අහම්බයෙන් ටිකිරි කොබ්බෑකඩුව මහතාට මෙම දූ දරු පිරිස මුණගැසී තිබුණි.
අනතුරුව මෙම දූ දරුවන් පිරිස සිය නිල නිවස වෙත ගෙන්වා ගත් පළාත් ආණ්ඩුකාරතුමන් ඔවුන් සමග සුහද පිළිසදරක නිරත වූ අතර ඔවුනට අවශ්‍ය දෑ විමසූ අවස්ථා වේ කැමරා උපකරණයක් අවශ්‍ය බව පවසා ඇත.
ඒ අනුව මෙම කැමරා උපකරණය පසුගිය දා එම දූ දරු පිරිසට පරිත්‍යාග කිරීම සිදු විය.
මෙම අවස්ථාවට සීවලී මධ්‍ය විද්‍යාලයේ නර්තන ආචාරණී සකුන්තලා මුණසිංහ මහත්මිය ද එක්ව සිටියහ.

Contact Us

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.