ජාත්‍යන්තර කාන්තා දින සැමරුම

සබරගමුව පළාතජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් සබරගමුව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යංශය මඟින් මානසික සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමී ව නිලධාරීන්ගේ වෘත්තීය ජීවිතය සහ පුද්ගලික ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා ලෝක බැංකු ව්‍යාපෘති සමිබන්ධීකාරක විශේෂඥ වෛද්‍ය දීපිකා ආටිගල මහත්මිය විසින් මෙහිදී විශේෂ දේශනයක් පවත්වනු ලැබීය.මෙවර කාන්තා දිනයේ තේමාව වූයේ රටකි, දැයකි, ලොවකි ඇය යන්නයි.

මෙදින (08) සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා, ප්‍රධාන ලේකමි සුනිල් ජයලත්, ප්‍රධාන අමාත්‍යංශ ලේකම් ප්‍රභාත් උදාකර, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර, සැලසුමි අධ්‍යක්ෂක ලලිත් බඹරබොටුව යන මහත්වරුන් ද අදහස් පල කරනු ලැබීය. සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා විසින් විශේෂඥ වෛද්‍ය දීපිකා ආටිගල මහත්මිය වෙත තිළිණ ප්‍රදානය කරනු ලැබීය.

Contact Us

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.