ජගත් පරිසර දිනය සමරා – ශ්‍රමදාන ව්‍යාපාරයක්

ජගත් පරිසර දිනයට සමගාමීව සබරගමු පළාත් සභා පරිශ්‍රය පවිත්‍ර කිරීමේ වැඩසටහනක් අද (06) සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍යාංශය මගින් මෙම ශ්‍රමදාන ව්‍යාපාරය සංවිධානය කර තිබුණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ලේකම් සුනිල් ජයලත්, ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් උදාකර, ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් මංජුලා ඉදිගහවෙල ජේෂ්ඨ සහකාර ලේකම් ශමීදානී මාතරහේවගේ අධ්‍යක්ෂ ක්‍රම සම්පාදන ලලිත් බඹරබොටුව, සහකාර ලේකම් සමන් නිශාන්ත කුමාර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි විය.

Contact Us

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.