උදුගොඩ සත්ව ගොවිපල

උදුගොඩ සත්ව පාලන, සංවර්ධන හා පුහුණු මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීම සදහා ඊයේ (07) සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා එක්විය.උදුගොඩ සත්ව පාලන ගොවිපලෙහි ගවයන්, හාවුන්, බැටළුවන්, කළුකුම්, තාරාවන් වැනි සත්ව පාලනය ද කිරි, බිත්තර, කුකුළු පැටව් නිෂ්පාදනය සිදු කරයි.පළාත් ආණ්ඩුකාරවරයා විසින් මෙහි දී සත්ව ගොවිපලෙහි සියළු නිෂ්පාදනයන් සිදු කරන ආකාරය නිරීක්ෂණය කළ අතර ආහාර නිෂ්පාදනයන් වඩා ඵලදායී ව හා කාර්යක්ෂම ව සිදු කිරීම සදහා නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.සබරගමුව පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ත්‍රෛමාසික “පශු කිරණ” සගරාව ආණ්ඩුකාරතුමන් වෙත පිළිගැන්වීම ද මෙහි දී සිදුවිය.

මෙම අවස්ථාවට ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් මංජුලා ඉදිගහවෙල, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ.එම්.දුෂ්‍යන්ති, සැලසුම් අධ්‍යක්ෂ එස්.කේ. වීරසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

Contact Us

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.