ආහාර සුරක්ෂිත බව සුරකින්න

ආහාර සුරක්ෂිත බව සුරකින්න

සබරගමුවේ සියළු රජයේ ඉඩම් අස්වද්දනවා.

-සබරගමුව පළාත් ආණ්ඩුකාර-

ආහාර සුරක්ෂිත බව ආරක්ෂා කිරීමේ අරමුණින් රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ රාජ්‍ය ආයතන සතු ඉඩම් සියල්ල වගා කිරීමට කටයුතු කරන බව සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ඊයේ (06) පැවසී ය.

ඒ මහතා මේ බව පැවසූයේ සබරගමුව පළාතේ රජය සතු සියළු ඉඩම් වගා කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිණි. මෙහි සමාරම්භය ඊයේ සබරගමුව පළාත් සභා පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් සිදුවිය.

මෙහි දී අදහස් දැක් වූ සබරගමුව ආණ්ඩුකාරවයා පැවසූයේ, අධ්‍යාපන, සෞඛ්‍ය, ආයුර්වේද, පළාත් පාලන, කෘෂිකර්ම, මාර්ග ඇතුළු රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවාවන්හි වගා නොකළ සියළු ඉඩම් කඩිනමින් වගා කිරීමට පියවර ගෙන ඇති බව ය.

මෙලෙස තොරාගනු ලබන සියළු ඉඩම් ආශ්‍රිතව ආහාර වර්ග වගාකර සබරගමු පළාතේ ආහාර සුරක්ෂිතාවය ආරක්ෂා කිරීමට දායකත්වය ලබාදෙන බවද සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා මෙහිදී පැවසීය.

මෙම වැඩපිළවෙළ සදහා පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය හා පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් තාක්ෂණික සහය ලබාදේ.

ඒ සදහා ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, රත්නපුර හා කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු සියළු කාර්යාල වල සහය හිමි වේ.

සබරගමු පළාතේ පාසල් 1116ක් තුළ වගා කර නොමැති එහෙත් සාර්ථකව වගා කළ හැකි මුළු ඉඩම් ප්‍රමාණය අක්කර 620ක් පමණ වේ.

මීට අමතරව පළාත් රෝහල්, පළාත් පාලන ආයතන, විධායක ඉංජිනේරු කාර්යාල, ආයුර්වේද රොහල් ඇතුළු විශාල රාජ්‍ය ආයතන ප්‍රමාණයක් සතුව වගා කළ හැකි ඉඩම් රැසක් පවතී.

මෙදින(06) සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ කාර්ය මණ්ඩලය මගින් රත්නපුර පළාත් සභා පරිශ්‍රෙයේ වගා කිරීමට සුදුසු ආකාරයට අක්කරයක පමණ වූ භූමි භාගය ශ්‍රමදාන ව්‍යාපාරයක් මගින් සකස් කරන ලදී.

ඒ අනුව එම භූමිය කොටස් 09 කට බෙදා කාබනික පොහොර සහ සම්ප්‍රදායික වගා ක්‍රම ඔස්සේ ආහාර බෝග වගා කිරීමට කටයුතු කරනු ඇත.

මෙදින (06) එම වගා වැඩසටහන පිළිබද සබරගමු පළාතේ රාජ්‍ය ආයතන දැනුවත් කිරිමද සිදුවිය.

මෙම අවස්ථාවට ප්‍රධාන ලේකම් සුනිල් ජයලත්, ප්‍රධාන අමාත්‍යංශ ලේකම් ප්‍රභාත් උදාකර, ආණ්ඩුකාර ලේකම් එච්.ඩී.සිසිර, කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් අනුර හේමකුමාර, ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් මංජුලා ඉදිගහවෙල, පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂක ධනංජනී බණ්ඩාර, නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ එස්.වීරසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

Contact Us

Give us a call or fill in the form below and we will contact you. We endeavor to answer all inquiries within 24 hours on business days.