ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති ආහාර සුරක්ෂිතාවය හා පෝෂණය පිළිබඳව ව්‍යාපෘතියේ සබරගමු පළාත් වැඩසටහන සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) රත්නපුර පිහිටි පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.
ජනාධිපති ලේකම් කාර්යාලය, පළාත් සභාව, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරී වසම් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මකය.
එය නම්කර ඇත්තේ ආහාර සුරක්ෂිතාව හා පෝෂණය සහතික කිරීම සදහා ග්‍රාමීය ආර්ථික පුනර්ජනනීය කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශ්‍රික ඒකාබද්ධ යාන්ත්‍රණය ලෙසය.
සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සහ පළාත් ප්‍රධාන ලේකම් සුනිල් ජයලත් යන මහත්වරුන් මෙහිදී අදහස් දක්වනු ලැබීය.
මෙහිදී රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම,කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් චරිතා ඉලංගකෝන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සේපාල කුරුප්පුආරච්චි, පළාත්සෞ ඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වෛද්‍ය එච්.එස්. ගාමිණී යන මහත්ම මහත්මීන් මෙහිදී ඉදිරිපත් කිරීම් ඉදිරිපත් කරනු ලැබීය.
මෙම අවස්ථාවට රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ පළාත් පාලන ආයතන ප්‍රධානීන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.